Flag Counter
logo
Traditional Mask and Dance

අපගේ සේවාවන්      

මෙම සංර්කෂණ කේන්ද්‍රය මගින් කෝලම් නැටුම් පිළිබඳව දැනුම ලබා දීම සඳහා විශ්ව විද්‍යාල සහ පාසල් සිසුන්ට වැඩමුළු පවත්වාගෙන යයි.

කෝලම් නැටුම් සංදර්ශන දෙස් විදෙස් වශයෙන්ද ඉදිරිපත් කරයි.

කෝලම් නැටුම් පිළිබඳව හැදැරීමට අපේක්ෂා කරන සිසුන්ට ඒ සඳහා පහසුකම් සලසා ඇත. මෙම සංරක්ෂණ කෙන්ද්‍රය තුලින් සාම්ප්‍රදායික කෝලම් වෙස්මුහුණු සහ නැටුම් පිළිබඳව නිවැරදි ප්‍රභවයන්ගෙන් තොරතුරු ලබා ගත හැක.

අප කණ්ඩායම විසින් දෙස්, විදෙස් වශයෙන් ඉදිරිපත් කරනු ලැබු ප්‍රධාන සංදර්ශන හා වැඩමුළු වලින් කිහිපයක් පහත දක්වා ඇත.

  • 1987 වර්ෂයේ හොංකොං හී පැවති 11 වන ආසියාතික කළා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදි.
  • 1994 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් විශ්ව විද්‍යාලය මගින් පවත්වන ලද කළා උළෙල වෙනුවෙන් කෝලම් නැටුම් ඉදිරිපත් කරන ලදි.
  • 1998 වර්ෂයේ ඉන්දියාවේ 50 වන නිදහස් උත්සවය වෙනුවෙන් අන්තර්ජාතික වෙස්මුහුණු කළා උළෙල සඳහා චෙන්නායි, ත්‍රිවෙන්ද්‍රම්, බැංගලෝර්, මුම්බායි, දිල්ලි යන ප්‍රාන්තවල කෝලම් නැටුම් සංදර්ශන ඉදිරිපත් කිරීම.
  • අම්බලන්ගොඩ, බලපිටිය, පන්විල, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සංවිධානය කරන ලද සංස්කෘතික කළා උත්සව වලට නාට්‍ය සංදර්ශන ඉදිරිපත් කිරීම.
  • අම්බලන්ගොඩ, හම්බන්තොට, පාසල් ළමුන් සඳහා කෝලම් වෙස්මුහුණු සහ නැටුම් පිලිබඳව වැඩමුළු පැවැත්වීම.
  • කැළණිය, ජයවර්ධනපුර, පේරාදෙණිය, ගිරාගම සෞන්දර්ය විශ්ව විද්‍යාලයන් විසින් සංවිධානය කරන ලද සංස්කෘතික කළා උළෙලවල් සඳහා කෝලම් නැටුම් සංදර්ශන ඉදිරිපත් කිරීම.
  • දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද සංස්කෘතික කළා උළෙලට කෝලම් මඩුවක් ඉදිරිපත් කිරීම.
King Mask
Queen Mask
නො 35, මහ අම්බලන්ගොඩ, අම්බලන්ගොඩ, ශ්‍රී ලංකා
දු.ක:- 0094 915625470 | 0094 718282496
විද්‍යුත් ලිපිනය:- info@tukkawadumask.com