කෝලම් නැටුම්
ජනප්රවාදයේ පැවත එන ආකාරයට කෝලම් වෙස්මුහුණු සහ නැටුම් ආරම්භ වී ඇත්තේ මහ සම්මත රජුගේ බිසවට කෝලම් වෙස්මුහුණු නැටුම් දැක ගැනීම සඳහා ආශාවක් (දොළදුකක්) ඇති වී ඇති අතර, මෙම ආශාව දිවැසින් දුටු ශක්ර දෙවිදුන් , විශ්ව කර්මයා හට මේ බව දැනුම් දීමෙන් කෝලම් වෙස්මුහුණු සහ පද තාල ඇතුළත් පොතක් රජුගේ උයනේ තැන්පත් කර තිබුණි. එයින් පසුව කෝලම් වෙස්මුහුණු සහ නැටුම් ආරම්භ වු බව ජනප්රවාදවල පවති. මෙම කෝලම් නැටුම් වලින් පිළිබිඹු කරන්නේ එවකට වැඩවසම් යුගයේ ජීවත් වු චරිත පිළිබඳවයි. උදාහරණ වශයෙන් මුදලිකෝලම, අණබර කෝලම, ජසයා ලෙංචිනා කෝලම පෙන්විය හැක.කෝලම් නැටුම්වල ප්රධානතම ලක්ෂණය වනුයේ සෑම චරිතයක්ම වෙස් මුහුණක් පළදා රංගනයේ යෙදීම සහ කාන්තා චරිතද පිරිමි පාර්ශවය විසින් ඉදිරිපත් කිරීමයි.
නො 35, මහ අම්බලන්ගොඩ, අම්බලන්ගොඩ, ශ්රී ලංකා
දු.ක:- 0094 915625470 | 0094 718282496
විද්යුත් ලිපිනය:- info@tukkawadumask.com