Flag Counter
logo
Traditional Mask and Dance

කෝලම් වෙස්මුහුණු ඉතිහාසය   

ශ්‍රී ලංකාවේ කෝලම් වෙස්මුහුණු සහ නැටුම් ප්‍රචලිතව පවතින්නේ හොරණ, බෙන්තර, අම්බලන්ගොඩ, මිරිස්ස යන ප්‍රදේශවලය. මෙහිදී අම්බලන්ගොඩ කෝලම් වෙස්මුහුණු සහ නැටුම් වල මුලාරම්භය වනුයේ මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු ගුණදාස ගුරු කුලයයි.

මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු පරපුරේ කෝලම් වෙස්මුහුණු සහ නැටුම් ඉතිහාසයේ පසුබිම වසර 250 – 300 ත් අතර කාලයකට දිවයයි. එයට නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ටුක්කාවඩු පරපුරට අයත් පැරණිතම වෙස්මුහුණු කට්ටලයෙන් පෙන්වා දිය හැක.

මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු පරපුරේ කෝලම් වෙස්මුහුණු සහ නැටුම් සදහා දෙස් විදෙස් ගෞරවාදරයට පත්වි ඇත;

විදේශීය ප්‍රභූවරුන්ගේ ප්‍රසාදයට පත් වු අවස්ථා.

  • 1934 දී රවීන්ද්‍රනාත් තාගෝර් තුමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ අම්බලන්ගොඩ තානායම හීදි කෝලම් නැටුම් සංදර්ශන ඉදිරිපත් කර ප්‍රශංසාවට ලක් වීම.
  • 1953 බ්‍රිතාන්‍ය දෙවන එළිසෙබෙත් මහ රැජින පැමිණි අවස්ථාවේ නර්ථනයන් ඉදිරිපත් කර ප්‍රශංසාවට ලක් වීම.
  • චීන අගමැති චෞ එන් ලායි මහතා ඉදිරියේ නර්ථනයන් ඉදිරිපත් කර ඇගයීමට ලක්වීම.
  • 1975 දී රංගා විවේකානාදන්, ජර්මන් ජාතික බර්නර් හැන්සෙන් මැතිණියන් ඉදිරියේ නර්ථනයන් ඉදිරිපත් කර ත්‍යාග තබා ඇත.

දේශීය වශයෙන් ඇගයීමට පත් අවස්ථා.

  • 1949 කොළඹ පැවති කළා මංගල්‍යයේ කළාගුරු ගුණදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද කෝලම් නැටුම් සඳහා රිදී පදක්කම් ලබා ගැනීම.
  • 1954 දී ජාතික කළා පෙරමුණ සඳහා ඉදිරිපත් කල පැරණි වෙස්මුහුණු සඳහා ටුක්කාවඩු ගුණදාස මහතාට ගෞරව පන්තියේ සහතික පත්‍රයක් ලැබීම.
  • 1957 දී රුහුණු කළා මණ්ඩලය මගින් පවත්වන ලද කළා සංදර්ශනයේ කළාගුරු ටුක්කාවඩු ගුණදාස මහතාට පළමු ත්‍යාගය හිමි විය.
  • 1985 වර්ෂයේ සංස්කෘතික අමාත්‍යංශය මගින් පවත්වන ලද දීප ව්‍යාප්ත කෝලම් වෙස්මුහුණු නිර්මාණය සහ කෝලම් නැටුම් තරඟයෙන් දිවයිනෙන්ම “මුදලි කෝලම” සඳහා ටුක්කාවඩු හරිස්චන්ද්‍ර මහතා විසින් පළමුවන ස්ථානය හිමිකර ගත් අතර සාම්ප්‍රදායික වෙස්මුහුණු නිර්මාණය කිරීමේ තරඟයෙන් දෙවන ස්ථානය හිමි කරගෙන ඇත.
  • ගුණදාස ගුරුතුමාගේ කෝලම් නාට්‍ය කණ්ඩායම, රාජ්‍ය සම්මාන (කළා භූෂණ) ලැබු ශීල්පීන් රැසක් බිහිකර ඇත.
    • කේ.එම්. ප්‍රේමදාස.
    • ටී.ඩබ්ලිව්. ආරියරත්න.
    • ටී.ඩබ්ලිව්. සුමනසේන.
    • එම්.එච්. සෝමපාළ.
    • ඩබ්ලිව්. ඩැනිපාල.
King Mask
Queen Mask
නො 35, මහ අම්බලන්ගොඩ, අම්බලන්ගොඩ, ශ්‍රී ලංකා
දු.ක:- 0094 915625470 | 0094 718282496
විද්‍යුත් ලිපිනය:- info@tukkawadumask.com